මම කැමති ඇයට යි,
ඇය කැමැති
ඔහුට යි.
අහිමිවූ ආදරය,
හිතවත්කම, ලෙන්ගතුකම මතකයට නැගුමෙන් සිත් තැවුල ඇතිවෙනවා. හිමි නොවූ ආදරය දුක, කණස්සල්ල ඇති කරනවා. ඒත්, ඒ ගැන මෙහෙම හිතුවොත්, හිමිවීම - අහිමිවීමක්,
අහිමිවීම -හිමිවීමක් කියල. මම හිතන්නේ
ගොඩක් පහසු වේවි තේරුම් ගන්න. මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහත්මයාගේ වචනයෙන් ම
මේ ගැන කතා කරනවනම්.
“ඇතැම් චරිත හෝ
දේවල් අපට හිමිවීම යනු හිමි විය යුතු චරිතය හෝ දෙය අහිමි වී මයි. ඇතැම් දේ අහිමි
වීම යනු හිමි විය යුතු දෙයට ඉඩකඩ සැලසීම යි.”
(මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ)
ප්‍රේමය,විරහව,වේදනාව
ජීවිතයට එකතුකරගන්නෙ කොහොමද කියල මහා කවි කාළිදාසයන්ගේ කාව්‍යක් ගෙන හරිමින්, සරළව
පැහැදිලි කරනවා.
“ජීවිතයට
අනර්ථකර දෙය හිමි නොකොට ගත යුතු අතර අර්ථකර දෙය හිමිකොට ගත යුතු වෙයි. ඒවා අපට
පාලනය කළ හැකි මට්ටමේ පවතින තත්වයයි. එහෙත් සොබාදහමේ සංසිද්ධීන් නිසා ඇතිවන
හිමිවීම් හෝ අහිමිවීම් අපට වැළැක්විය හැකි නොවේ. ගිම්හානයේ දී කැමති වුවත් අකැමැති
වුවත් සැඬ හිරු කිරණ ප්‍රතික්‍ෂේප කළ හැකි නොවේ.වර්ෂා සමයක දී වර්ෂාව සමග ජීවත්
වීමට සිදු වෙයි. සොබාදහමට සංවේදී වූ කලාකරුවා සැම සෘතුවක ම ඇති සුන්දර අර්ථ දකියි.
ගිම්හානයට ආවේනික සුන්දරතා විදගන්නා ඔහු, ගිම්හානය නිමා කරමින් එන වර්ෂාව ද
විඳියි. වර්ෂා සමයෙන් පසු එළඹෙන ශරත් සෘතුවේත් එයිනික්බිති එළඹෙන හේමන්තයේත්
චමත්කාරය දකින ඔහු තදනන්තර ව එන ශිශිරයත්
ශිශිරයෙන් පසුව එළඹෙන වසන්තයත් උපරිමාකාරයෙන් විඳගනියි. මේ අනුව යට කී සෘතු
හය පුරා විහිද යන අවුරුද්දේ සෑම දවසක් ම තමාට හිමි සම්පතක් කොට ගන්නා ඔහු ජීවිතය
විඳියි.”
(මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ)
අහිමිවීම තුළ
හිමිවීමක් .... සමහරවිට
No comments:
Post a Comment