මුස්ලිම්
ජාතිකයන් පිළිබඳව නොයෙකුත් කතා බහ කරළියට පැමිණියේ බඩගෝස්තරවාදී ජාතිවාදීන්ගේ
දේශපාලන උවමනා එපාකම් ඉටුකරන්නටම පමණක් වීම කණගාටු දායක කරුණකි. කෙසේ වෙතත්
මොවුනගේ සමාජ හැසිරීම පිළිබඳව අවධානය යොමු කිරීම කාලීන වශයෙන් කිසියම් වටිනාකමක්
හිමිවන කරුණකි. මුස්ලිම් ජාතිකයා, නවීකරණයට හසුනොවූ සාම්ප්‍රදායික සිංහල
සාමාජය තම වාසියට යොදාගන්නා ආකාරය ආර්.
ඇල්. ස්පිට්ල් ගේ “මැකීගිය දඩමං” නැමැති කෘතියෙහි ඉතා
සරලව දැක්වේ. නවකතාවක ස්වරූපය ගත් මැකීගිය දඩමං නැමැති පොත රචනා වන්නේ ස්පිට්ල්
විසින් වසර ගණනාවක් වැද්දන් හා ඔවුන්ගේ ජීවන විලාසය පිළිබඳව කැරෙන සමාජ මානව විද්‍යාත්මක
අධ්‍යනයකින් පසුවය. 1890 -1930 අතර ලාංකිය ගැමි සමාජය මෙම පර්යේෂණයට පසුබිම්ව ඇත.
“ගම් වැද්දන්ගේ ගමක් වු
ගල්මැදේ පීනා නම් මරක්කල මිනිහෙක් වාසය කළේ ය.
මුහුදුකරයේ සිට ආ මේ මිනිහා මෙහි පදිංචි ව සිටීමේ නියම හේතුව කංසා වෙළදාම වූ නමුත්
මෙතෙම එය වසං කිරීමට බලනතලාවේ ගව පටිටියක් ඇති කළේ ය.මහ වන මැද ජිවත්වීමට හේතුව
වශයෙන් ඔහුට ගවපට්ටිය ඉදිරිපත් කළ හැකිව තිබිණ. එහෙත් වනයේ දුරින් දුර පිහිටි
කුඩාගම්වල ආරච්චිරාළලාට කාරණය වසං කිරිම ඔහුට නොකළ හැක්කක් වී ය. මොවුන් අතරෙන් ද
වැඩි දෙනෙක් කංසා වෙළදාම කළෝ වුහ. පීනා කළේ තමා වරදට අසු නොවන විධියේ සෙල්ලමකි.
ඔහු ගම්මුන් අතර කංසා ඇට බෙදා දිමත් කංසා හේන් වැවීමට හැම අනුබලයක්ම දීමත් කළ
නමුත් වැටලිමක් වූ අවස්ථාවකදී තමා ඒ ගැන කිසිවක් නොදන්නේ යයි කීමට ඔහුට හැකි විය.
පීනා නිසා කංසා වැවීමේ අවදානම් කාරියට පෙළඹුණ නූගත් ගැමියන් අවුරුද්දේ වැඩි කොටසක්
කංසා ගොවිතැන සඳහා වෙහෙසෙන අතර, අවසානයේ එයින් තමාට ලැබෙන විශාල ලාභය ගැන සිතමින්
පීනා සිහිල් සෙවණේ ගෙදරට වී සිටියි.”
(සිංහලයන්
විදියට ආඩම්බර වෙන්න පුළුවන් එදා මුස්ලිම් ජාතිකයන් අතේ තිබ්බ මත්ද්‍රව්‍ය ජාවාරම
අද වෙනකොට අපේ අතට ගන්න පුළුවන් වීම ගැන.)
“කංසා වවන්නවුන්ගෙන්
පීනා ඒවා ලබා ගන්ගත්තේ ඉතා සුළු මුදල් කොටස් වශයෙන් ගෙවීමෙනි. නැවත ඔහු ඒවා ගෙන
ගොස් මඩකලපුව වැනි මුහුදුබඩ නගරවල දී විකුණුවේ විශාල ගණන්වලට ය. කංසා හේන් වැවෙන
අතර ගැමියන්ට වුවමනා ආහාර හා වෙනත් දේ ද සපයා දෙන මොහු එමෙන් කීප ගුණයක් වටිනා
අස්සැන්න ඒ වෙනුවෙන් ලබා ගත්තේය. කංසාවලින් පමණක් නොව ඔවුන්ගේ හේන් කුඹුරු ආදියෙහි
උපදින දෙයින් ද වැඩි කොටසක් මෙසේ ඔහු අතට පත්විය. වනගහනයේ සැඟවුණ තැන්වල ඇති කංසා
වගාවන් සියල්ලක් රහසේ ගොස් සොයා බලා දැනගන්නා මොහු තමාට කෙනෙහිල්ලක් කළ
ගැමියෙකුගෙන් පලිගනු සඳහා ඒ කංසා වගාව ඇති තැන නිලධාරින්ට රහසේ දැන්වීමට පසුබට නො
වී ය. ගම්මුන්ගේ ආධාර කාරයකු මෙන් පෙනී සිටින මොහු ඇත්ත වශයෙන් ගම්මුන්ගේ
ජීවරුධිරය උරා බොන මහ පිළිලයක් ව එහි විසුවේ ය.”
(තම්බියා
කියන්නේ කපටියෙක් කියල අපේ ජනශ්‍රැතියට එකතුවෙන්නේ ඒ කාලේ කරපු මේ වගේ තකතීරු වැඩ
නිසා වෙන්න ඇති.)
“පීනා ශක්තිමත්
මිනිහෙක් විය. ඔහු එහි දී තමාගේ තාවකාලික බිරිඳ වශයෙන් ගම්මැදි ගැහැනියක තබාගෙන
සිටියේ ය. එහෙත්, ණය ගනුදෙනු ආදියෙන් බැඳීම් ඇති ව සිටි මේ ගැමි පවුල්වල කිසි ම
තරුණියක් මොහුගේ සැලකිල්ලට භාජන නොවූවා යයි නොකිය හැක. ගම් දැරියන් තුරුණු විය ලබා
වැඩී එනු ඔහු තමාගේ කෑදර දෙනෙතින් බලා සිටියේ ය.”
(අද වගේම එදත්
සිංහල මිනිස්සුන්ගේ ඇස් වහල වෙළදාම් කරන්න තම්බියා දක්ෂ වෙලා තියෙනවා.)
“ගල්මැදේ මිනිසුන් හා
බලන ගල්ගෙයි වැද්දන් ද අතර සම්බන්ධකම් පැවැත්තේ අඩු වශයෙනි. සමහර විට මසකට එක්
වරක් පමණ වැද්දෝ දෙන්නෙක් හුවමාරුවට ඇති යමක් රැගෙන ගල්මැදේ ගමට එති. කොයි දෙයක්
නමුත් භාර ගන්ට සූදානමින් සිටින පීනා වැද්දන් ගෙනෙන වියලි දඩමස් මීපැණි ආදිය ගෙන
වැද්දන්ට රසවත් දේ වන දුම්කොල බුලත් පුවක් ලුණු ආදිය ඒ වෙනුවට දෙයි. එහෙයින්
වැද්දෝ හැම විටම පීනා සොයා යති.”
එය මුදල් වලට
එතරම් වටිනාකමක් නොතිබූ යුගයකි. එදිනෙදා ජීවිතයේදි අවශ්‍යකරන ලුණු, චීත්ත රෙදි,
සරම් ආදීය ලබා ගැනීම සඳහා මිනිසුන්ට මරක්කලයින්ගේ සම්බන්ධය ඉතා වැදගත් වී ඇත. ඉන්දියාවෙන්
හෝ වෙනත් පර්සියානු රටවලින් ගෙනෙන වෙළෙද ද්‍රව්‍ය රට ඇතුලට ගෙන ගොස් සිංහල
ගැමියන්ට ලබා දෙන මුස්ලිම් ජාතිකයන් ඒ වෙනුවට ගම් වැසියන් සතු වටිනා ද්‍රව්‍ය
ලබාගෙන ඇත.
මෙය හුදෙක්
අධ්‍යයනය සඳහා පමණක් ම වේ. දේශපාලන වාසි ලබා ගැනීම අරමුණුකරගත් බඩගොස්තරවාදී
ජාතිවාදීන් මෙම ලිපිය නොකියවන තරමට මා කැමතිය෴
No comments:
Post a Comment