නෙත් අඳව මෝහයෙන්
වියරු වී පාපයෙන්
නැග්ගෝ ගිජ්ජකූටයට
පෙරලනුව ගල් කුළක්.
එතෙකුදු
මරන්නට බැරි වී ය
සත්‍යය.
මන්ද යත්
මෙත් බලය වූ නිසා
ළය පුරා සත්‍යයේ.
ඉනික්බිතිව ය ඔවුන්
අන් මඟක් සෙවූවෝ
“එම්බා ජුදාස්
නො බව තොප කිසිවකට
ද්‍රෝහිකමට දෙන්නෙමුය
තිහක් ම රිදී අතට”
කටු ඔටුණු පළඳවා
ලේ ගලන වදමල් ද
ගෙල වටා පළදවා
ගෙන ගියෝය සත්‍යය
කුරුසියේ ඇණ ගසන්නට.
නොමළේ ය එහෙත්, සත්‍යය
දෙසුවෝ බණ කඳු හිසට නැඟ
ප්‍රභාකර සේ ප්‍රභාස්වර වී
අත් නොහැර ඇත ඔවුන්
පවිටු වෑයම උනගෙ
මී සමඟ මිශ්‍ර කොට
බොවයි බල කරත්ම ය
එදා සොක්‍රටීස් අතට දුන්
හළා හල විස බඳුන
බිය නොවව් දරුවනේ ඉනිඳු
මරන්නට නොහැකි වේ, සත්‍යය
මක් නිසා ද යත්
සුබ නිසාය සත්‍යය
සුන්දර නිසාය සත්‍යය
ගිම්හාන මධ්‍යාහ්නයේ
ප්‍රභාස්වර සූර්යයා සේ
බබුලුවා හිනැහේය
සද්ධර්ම මාර්ගය
සුබ මංගල්‍යයක් වූ
සුන්දර වූ සත්‍යය
අහා.......
“සත්‍යම්,සිවම්,සුන්දරම්”
(ඩබ්ලියු.ඒ. අබේසිංහ: රතුම රතු)
No comments:
Post a Comment