(පාංශූකූලයට
වඩින්නේ දායකත්වය තියෙන ගෙවල් වලට විතරයි. දායක කම ගන්නනම් රුපියල් 7000ක සමාජික
විකට් පතක් ලබාගත යුතුයි. - පන්සලක නායක හාමුදුරු නමක් පසුගියදා ගත් තීරණයකි.)
කිසිවෙක් මිය
ගිය විට සිදුකරනු ලබන වත් පිළිවෙත් සමුදායක් සෑම සංස්කෘතියකම දක්නට ලැබෙයි.
සංස්කෘතීන් අතර මෙන්ම මහා සංස්කෘතියක උප සංස්කෘතීන් අතරද මළ මිනිය වල දැමීමට හෝ පුච්චා දැමීමට පෙර සහ
පසුව සිදු කරනු ලබන පුද පූජාදිය තුල එකිනෙකට සමාන මෙන්ම වෙනස් ලක්ෂනද අපට දැක ගත
හැකිය. දියුණු නොදියුණු ලෙස බෙදා වෙන් කර
දැක්විය නොහැකි මෙම වත් පිළිවෙත් මගින් මිය ගිය පුද්ගලයාගේ පරලොව යහපත හා ජීවත්ව
සිටින්නන්ගේ ආරක්ෂාවත් බොහෝ විට අපේක්ෂා කරති. සිංහල සමාජය ද තම ආගමික
විස්වාසයන් මත පදනම්ව පුද්ගලයෙකු මියගිය පසු සිදුකලයුතු යැයි සම්මත කරගත් ක්‍රමවේදයක්
දක්නට ඇත.
කෙනෙකු මිය
ගිය පසු ළගම ඥාතීන් හෝ හිතවතුන් විසින් ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට දැනුම් දීම.
නායක
හාමුදුරුවන්ට මතක වස්ත්‍ර පූජාවට ආරාධනා කිරීම.
මතක වස්ත්‍ර
පූජාවට භික්ෂූන් වහන්සේලා වැඩවවීම.
මතක වස්ත්‍ර
පූජාව පැවැත්වීම
හත් දවසේ (දින
පහෙන්ද සිදු කරණු ලබයි.) බණ සඳහා නායක හාමුදුරුවන්ට ආරාධනා කිරීම.
හත් සවසේ බණ
පැවැත්වීම.
පසුදා හීල්
දානය පන්සල වෙත ගෙන ගොස් පූජා කිරීම.
තුන් මාසයේ
දානය.
අවුරුද්දේ
දානය. දක්වා මෙම පින්කම් මාලාව කඩ නොකර පවත්වාගෙන යෑම සිංහල බෞද්ධයා සිදුකල යුතුය. එසේ නොවුනහොත් මිය
ගිය පාර්ශවයට විශාල අගතියක් සිදුවෙතැයි විශ්වාස කරනු ලබයි. එයට සමානවම ජීවත්ව
සිටින්නන් වෙතද අයහපත් ප්‍රතිඵල ඇති කරවන බැවින් එම අවස්ථාවන් මග නොහැර
අනිවාර්යෙන් සිදු කළ යුතු යැයි සිංහල බෞද්ධ සමාජය පිළිගනිති. එහි ප්‍රති විපාක
පිළිබඳව භික්ෂූන් වහන්සේලා අපව නිරන්තරයෙන් දැනුවත් කරනු ලබයි. එබැවින් එය අත්‍යාවශ්‍ය
කටයුත්තක් වශයෙන් අපි විශ්වාස කරමු. කෙනෙකු මළ පසු නිකම්ම පුළුස්සා දමනවාට වඩා,
කිසියම් ආගමික චාරිත්‍ර වාරිත්‍ර පද්ධයක් හරහා සිදු කිරීම මඟින් අප තවත්
ශිෂ්ඨසම්පන්න තත්වයකට ගෙන ගොස් ඇති බවට ද තර්කයක් නැත.
පාංශූකූල ක්‍රියාවලියේ
ප්‍රධාන චරිතය ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ විසින් පවරාගෙන ඇත. ඔහුට අවශ්‍ය පරිදි සහභාගිවෙන
අනිකුත් භික්ෂූන් වහන්සේලා හැසිරිය යුතුය. එමෙන්ම වෙනත් පන්සලක භික්ෂුවකට පැමිණ
පාංශුකූල පිංකම මෙහෙයවීම සම්පූර්ණයෙන්ම තහනම්ය. එසේ වුවහොත් නායක හාමුදුරුවෝ සීලය
අමතක කරදමා සිවුර කරට ගන්නට නොපැකිලෙති. මේ නිසා එක් ගමක පාශුකූලයක් මෙහෙයවන්නට
වෙනත් ගමක හිමි නමක් කිසි විටෙක උත්සාහ නොගනිති. එ බැවින් ගමේ ජීවත්වන සෑම
පුද්ගලයෙකුම පන්සලේ දායකත්වය ලබාගෙන තිබිය යුතු අතර පන්සලේ නායකත්වයට අවනත විය
යුතුය. මරණින් පසු පාංශුකූලය ලබාදිය හැක්කේ ගමේ පන්සලේ හාමුදුරුවන් හොදින්
තියාගතහොත් පමණි. මෙ මගින් පන්සල විවේචනය කිරීම තබා නායක උන්නාන්සේගේ හොද හිත
පළුඳු වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකල යුතුයැයි සිතන තත්වයට පුද්ගල මනස බැඳ
දමා ඇත.
පසුගිය දශකය
තුල ග්‍රාමීය පන්සල් වල කිසියම් පසු බැස්මක් දැක්නට ලැබිණ. ජනතාව ක්‍රමයෙන්
පන්සලෙන් ඈත්වී වෙනත් විකල්පයන් (ක්‍රිස්තියානි නිකායන් වෙත / අරණ්‍යවාසී භික්ෂූන්
වෙත ඇදී යාම වැනි) වෙත ගොනු වන්නට විය. මෙම තත්වය හමුවේ තම පැවැත්ම තව දුරටත්
ආරක්ෂා කර ගැනීම උදෙසා විවිධ උපක්‍රම යොදා ගැනීමට සිඳුවිය. ගොදුරු ගම් පිළිබඳ
පැවැති පැරණි සම්ප්‍රදායන් නව ආරකින් ගෙන එමින් ගම තුල ආගමික අධිකාරීවාදයක් ගොඩ
නගා ගැනීම ඒ අතරින් ප්‍රධාන විය. සිංහල බුදුදහම විසින් නිර්‍මාණය කරගන්නා මෙම
අවස්ථාවාදී මති මතාන්තර මඟින් සිදුවන්නේ බුදුදහමේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී සහනශීලී භාවය
ආපස්සට ගෙනගොස් බ්‍රාහ්මණවාදය නැවත තහවුරුවීමක් පමණකි෴